Wednesday, August 31, 2011

කරුණාරත්න දිවුල්ගනේ


සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි

වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන්ගියා
පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගෙයි......

සිත තනි කළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොයසොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

සුළඟ නුඹ වගෙයි.......

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

ඔබට වරම් නැති මටද වරම් නැති............
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ

එච්.ආර්. ජෝතිපාල


ඇහෙනවනම් හිත හඩන තරම්..................

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ......

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ...

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත ‍රැදිලා....//
ගිණි දළු මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ....

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ...//

..........මෙ නේනීමෙන දිවි ගමනෙ

මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා
අමිමෙ ඔබ පුතෙකු වෙලා
මම ඒන්නමි සසර පුරා
මෙ නේනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා

පියතුම නැති දා ඉදලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නේම දිලා
දුක වෙදනාව නිවලා
අමිමෙ ඔබ බුදු වෙවා
මවි ගුණ ගී ගයනෙ නමි මා

මෙ නේනීමෙන...

පැටලි නේම මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මග පෙන්නාලා
ලැබුවෙ ආශිර්වාදෙ
දිවි මාවන ඒළිය උනෙ

මෙ නේනීමෙන...

අමිල පෙරේරා



හිරුමැකි යයි නීල අහසෙ

හිරුමැකි යයි නීල අහසෙ
සෙද මීදුමි මායීමෙ
නිමා වී යයි මෙ වසන්තෙ
යලිත් නේම එයි කිසි දිනෙ
ගිනි කදු පුපුරා ලේ දිය ගලනා තරමි
රිදුමි දෙයි ආදරෙ.

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//

තුෂර පින්නෙ පැතුමි කේවිල්ලෙ
ඔබෙ සෙනෙහෙ මහු හදෙ රැදුනෙ..//
එදා මතකය සිතෙහි අහුරා....එදා මතකය සිතෙහි අහුරා....
කාටවත් නේපෙනී අදුරෙ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//

දිනහා කදුලෙ දෙනෙත් දේවමින්
දුටුව සිහිනෙ නෙත් වැසුණු අදුරෙ.//
ඈත මීදුමි අතර සගවා...ඈත මීදුමි අතර සගවා...
යන්න ප්‍රිය ලදුනෙ
හද සුසුමි පවනෙ

රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//

හිරුමැකි යයි....

රැගෙන මා සුභ පැතුමි හද තුටින් යනු මැනෙ...//




අමරසිරි පීරිස්


ළඳුනේ...ළඳුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙක් නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ළඳුනේ..ළඳුනේ..
තෙල්මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පවු කරන දනා එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක්නැති වැරදිකාර ළඳුනේ



මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී......
නිරුවත් දෑසින්.....
බලන්න කන්‍යාවී...

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීනා ... කන්‍යාවී...

නියගලා මල්පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළ එළි ගන්වා
වයන්න වීනා ... කන්‍යාවී...

වාසනා වේවා.....


වාසනා වේවා.....
වාසනා වේවා.....
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ....
පින්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ....
වාසනා වේවා.....
වාසනා වේවා.....

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැලෙමින් සදනා
ආසිරි වාදෙන් ආසිරි වේවා....

වාසනා වේවා.....

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මග සෙත් මල් පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ....

වාසනා වේවා.....

ගායනය : සනත් නන්දසිරි

බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය : සනත් නන්දසිරි

බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය : සනත් නන්දසිරි

එදා මෙදා තුර කඳුළට විවරව

එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලු පත් පලා කදුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒසුවඳින්

එදා මෙදා තුර කඳුළට විවරව.....

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ගායනය : සනත් නන්දසිරි