ළඳුනේ...ළඳුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙක් නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ළඳුනේ..ළඳුනේ..
තෙල්මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑකලෙක ළඳුනේ..ළඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පවු කරන දනා එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක්නැති වැරදිකාර ළඳුනේ
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී......
නිරුවත් දෑසින්.....
බලන්න කන්‍යාවී...
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීනා ... කන්‍යාවී...
නියගලා මල්පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළ එළි ගන්වා
වයන්න වීනා ... කන්‍යාවී...
No comments:
Post a Comment